ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ඩිජිටල් නිවහනඅතීතය සුරකිමු. අනාගතය දකිමු.
දාඨිය රජතුමා 75
ඉතිහාසය හැඩගැස්වූ චරිත

දාඨිය රජතුමා

456 ක්‍රි.ව. — 459 ක්‍රි.ව.

මෙම ඉතිහාස කතාවට සම්බන්ධ පුද්ගලයන්, ස්ථාන සහ තොරතුරු හඳුනාගන්න.

දාඨිය රජතුමා

තොරතුරු

රාජ්‍ය නාමය
දාඨිය රජතුමා
රාජවංශය
ද්‍රවිඩ
රාජ්‍ය කාලය
456 ක්‍රි.ව. — 459 ක්‍රි.ව.
රාජ්‍ය කාල සීමාව
3 වසර

තිරිතර රජතුමාට රජකළ හැකිවූයේ මාස දෙකක් වැනි කුඩා කලකි. ධාතුසේන කුමරු පැමිණ ඔහු සමග සටන්කොට තිරිතර රජු මරා රජකම පැහැර ගති. නමුත් තිරිතර රජුගේ පුතු දාඨිය කුමරු ධාතුසේන කුමරු සමග සටන්කොට ඔහු පලවා හැර රජකම ලබා ගන්නා ලදී. ධාතුසේන කුමරුගෙන් එල්ලවූ දැඩි ප්‍රහාර මැද ඔහු වසර 3ක් පමණ අනුරාධපුරයේ රජකම් කළ බව ඉතිහාසයේ සඳහන් වේ. දාඨිය රජුට ද ඔහුගේ පියාට මෙන් ධාතුසේන කුමරුගෙන් ගැලවීමට නොහැකි විය. දාඨිය රජුද ධාතුසේන කුමරු අතින් මරුමුවට පත්විය.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව

ISBN: 978-624-94300-0-6.

ඇන්ඩ්‍රොයිඩ් යෙදුම

මහාවංසය යෙදුම බාගන්න

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයෙන් ශ්‍රී ලංකාවේ රාජධානි, රජවරුන් සහ රජ පෙළපත් ගවේෂණය කරන්න.

Google Play වෙතින් ලබාගන්න